Sorry, you need to enable JavaScript to visit this website.
Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

පාසල වෙනුවෙන් සූදානම  යනු කුමක්ද?

මුල් ළමා විය අධ්‍යාපනය සහ සැලකිල්ල වෙනුවෙන් පාසල් සූදානම ඉටු කරන්නේ වැදගත් කාර්යභාරයකි.  ඉන් අදහස් කරන්නේ පාසල් ගමන ආරම්භ කිරීම සඳහා වන දරුවකුගේ සූදානමයි. විශේෂයෙන් පාසල් පරිසරය තුළ දරුවකු විසින් තනිවම කටයුතු කිරීම සඳහා ඔහු විසින් හැඩගස්වා ගත යුතු විවිධ හැකියාවන් හා ලක්ෂණයන් අනුව මෙම සූදානම් කිරීම තේරුම් ගන්නට පුලුවන. එය ප්‍රධාන වශයෙන් දරුවාගේ හැකියාව සමඟ සම්බන්ධ වුවද හැකියාව මතම රඳා පවතී යැයි පැවසිය නොහැකිය. එහෙයින් මෙවන් අවස්ථාවක සූදානම යන්නෙන් දරුවාගේ ඉගෙනීමට පවුල හා පාසල දක්වන සූදානම සඳහන් කිරීම වඩාත් සුදුසුය.  විවිධ මට්ටම්වල දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා වන සැළකිල්ල පාසල් සතු වන අතර සුදුසු මොහොතේ දරුවන් නිවසෙන් පාසල වෙත ගෙන යාම සඳහා අවධානය යොමු කිරීම දෙමව්පියන්ගේ වගකීමකි.

පාසල සඳහා සුදානම වැදගත් වන්නේ ඇයි ?

තම දරුවා  පාසල් පරිසරය තුළ සාර්ථකත්වයක් අත්පත් කර ගන්නවා දැකීමට සෑම දෙමව්පියෙකුම කැමතිය. දරුවන්ගේ පාසල් සූදානම සඳහා ආරක්ෂාව හා ඉගෙනීම පිළිබඳ ඔවන්ගේ පූර්ව අත්දැකීම් බෙහෙවින් බලපාන බව මතක තබා ගත යුතුය. මුල් කාලීන  සැළකිල්ල හා ඉගෙනුම් අත්දැකීම් තුළින් දරුවන්ට පාසල් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා වන කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමට හැකි වේ. 

ඵාසල් අධ්‍යාපනය යන්න පිළිබඳව තවමත් බොහෝ දෙනා වැරදි ලෙස වටහාගෙන ඇත. එය භාෂා හා ගණිතමය කුසලතා වර්ධනය කිරීම පමණක් නොවන බව මතක් කළ යුතුය. පාසල් අධ්‍යාපනය සඳහා යොමු වන දරුවකු භාෂා හා ගණිතමය කුසලතා හැරුණු විට චිත්තවේගීය, සමාජීය, ශාරීරික හා බුද්ධිමය කුසලතා වැනි ලක්ෂණද ප්‍රදර්ශනය කරනු ලබයි. මෙම කුසලතා හා ගුණාංගයන් හේතුවෙන් දරුවකුට නිවසින් පාසල් පරිසරය වෙත මාරු වෙමින් විශ්වාසයෙන් යුතුව නව පරිසරයකට හැඩ ගැසීමට අවකාශ උදා නු ඇත.

 

පාසල් යාමට සූදානමින් සිටින දරුවෙක්,

තමන්ගේ සරල කාර්යයන් කර ගැනීමේ හැකියාව

වැසිකිළි පරිහරණය කිරීමේ පුහුණුව

ලබා දෙන උපදෙස් තේරුම් ගැනීමට සහ ඒවා අනුගමනය කිරීමට හැකිවීම

තමා කෙරෙහි විශ්වාසය

ලියවීමේ හැකියාව

බෙදාහදා ගැනීම සහ උපකාර කිරීම වැනි අත්‍යාවශ්‍ය සමාජ කුසලතා පෙන්වීමේ හැකියාව

අවශ්‍යතා සන්නිවේදනය කිරීමේ හැකියාව

මෙම කුසලතා හා ආකල්ප වර්ධනය කර ගැනීම සඳහා දෙමව්පියන්ට සම්බන්ධ විය හැක්කේ කෙසේද?

     දරුවකු පුහුණුවට සූදානම් වන නියම මොහොතේ වැසිකිළි පුහුණුව ආරම්භ කිරීම අත්‍යාවශ්‍යය.

     තමන් විසින්ම ඇඳුම් ඇඳීම, සපත්තු පැළඳ ගැනීම, සපත්තු ගැට ගැසීමට උත්සාහ කිරීම, ඔවුන්ගේ මේසය පිළිවෙළට සකස් කර ගැනීම වැනි සරල කටයුතු සඳහා ඔවුන්ව දිරි ගැන්වීම

     නිවසේදී දෛනික පුරුදු අනුගමනය කිරීමට ඔවුන්ට උදව් කිරීම

     ආචාරශීලීව කටයුතු කිරීම, ස්තුති කිරීම හා සමාව ඉල්ලීම, උපදෙස් අනුගමනය කිරීම මෙන්ම මුල් අවධියේ සිට උනන්දුවෙන් ඇහුම්කන් දීම වැනි ධනාත්මක ආදර්ශනයන් හුරු කිරීම

       ඔවුන්ගේ උත්සාහයන් දිරි ගැන්වීම හා ප්‍රසංශා කිරීමෙන් ඔවුන්ගේ විශ්වාසය හා ආත්ම අභිමානය ඉහළ නැංවීම

     හැකි සෑම විටම සම වයසේ දරුවන් සමඟ ඔවුන්ගේ සමාජ හා සන්නිවේදන කුෂලතා ඉහළ නැංවීම වෙනුවෙන් ශරීරය මෙහෙයවන ක්‍රීඩා කටයුතුවල නිරතවීමට අවස්ථාව සළසා දීම

     විවිධ විනෝදජනක හා රසවත් ක්‍රියාකාරකම් තුළින් ඉගෙනීමට ඇති කැමැත්ත ඉහළ නැංවීම

පාසල් සඳහා සූදානම් කිරීම සියලු දෙනාගේ සාමූහික වගකීමක් වන අතර එම වගකීම් ඉටු කිරීමේ ප්‍රතිඵලය වන්නේ නිවසේ සිට ක්‍රමානුකූලව පාසල් පරිසරය වෙත මාරුවීමට විශ්වාසයක් ඇති දරුවකු නිර්මාණය වීමයි. පවුලේ සාමාජිකයන්ගේ නිරන්තර සහයෝගය මත ඉහත සඳහන් කළ ගුණාංගන්ගෙන් සපිරුණු දරුවකුට පාසලේදී වඩා ස්වාධීනව කටයුතු කිරීමට හැකි වන අතර ඒ තුළින් අධ්‍යාපන කටයුතුවල නිදහසේ නිරත වීමටත් පාසල් ප්‍රජාව තුළ වර්ධනයක් අත්පත් කර ගැනීමටත් අවකාශ සැළසෙනු ඇත.

උපදෙස් දෙමව්පියන් ලෙෂ පාසල් සූදානමට දායකත්වය දැක්වීම

ස්වයං උපකාර කුසලතා පුහුණු කිරීම

යහපත් සමාජ හැසිරීම් පුරුැදු කිරීම

දෛනික චර්යාවන් අනුගමනය කිරීමට පුහුණු කිරීම

සමාජ සබඳතා හා අනෙකුත් දරුවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමට ඉඩ සැළසීම

ආකර්ෂණීය හා සිත්ගන්නා සුලු ක්‍රමයන්ගෙන් ඉගෙනීමට ඇති කැමැත්ත ඉහළ නැංවීම

Recommended Articles