ඔබේ දරුවා වෙනුවෙන් Nestlé NANGROW 4 HMO තෝරාගත යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරන ගුණාත්මක හේතු 100 ක්!

Daniel – ගුණාත්මක තත්ත්ව කළමනාකරණ ප්‍රධානී

මම ඩැනියෙල්. මම නෙස්ලේ ආයතනය සමඟ වසර 13ක කාලයක ඉඳලා වැඩ කරනවා. මගේ වගකීම වෙන්නේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය කළමනාකරණය කිරීමයි. ඒ යටතේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වෙනවා. නිෂ්පාදනයේ ප්‍රමිතිය සහතික කිරීම වගේම ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම තමයි සිදු වෙන්නේ.

මට අනුව නම්, ගුණාත්මකභාවය කියන්නේ මොකක් හරි සම්මත ප්‍රමිතියකට අනුකූල වීම විතරක් නෙවෙයි. මගේ දරුවෙකුට වුණත් කිසිම බයක් නැතුව දෙන්න පුළුවන් තරමේ ලොකු විශ්වාසයක් අපේ නිෂ්පාදන ගැන මට තියෙන්න ඕනේ. මගේ කණ්ඩායම අමුද්‍රව්‍ය නිදහස් කරන්නේ ඒ විශ්වාසය තහවුරු වුණොත් විතරයි.

අපි එක අමුද්‍රව්‍ය ඛාණ්ඩ එකක් පරීක්ෂා කරද්දී පරාමිතීන් 100කට ආසන්න ප්‍රමාණයක් සැලකිල්ලට ගන්නවා. මේ හැම පරීක්ෂණයක්ම කරන්නේ නවීනතම විද්‍යාත්මක දැනුම පදනම් කරගෙනයි. ඒ වගේම තමයි අවශ්‍යතාවය අනුව අපි අපේ පරීක්ෂණ ක්‍රමවේදයනුත් යාවත්කාලීන කරනවා.

උදාහරණයක් විදිහට, අපි භාවිත කරන තෙල් වර්ග සඳහා පරීක්ෂණ නිර්ණායකයක් අලුතින් එකතු කරලා තියෙනවා. ඒපරීක්ෂණ සමත් වෙලා සහතිකය ලැබුණොත් විතරයි, අපි ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නේ. එකම එක පරීක්ෂණයක් හරි අසමත් වුණොත්, කිසිම හේතුවක් නිසා ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න අපි අවසර දෙන්නේ නැහැ