නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම්, කිසිදු කිරි අමුද්‍රව්‍යයක් නිෂ්පාදනයට එක් නොකෙරේ - Nestlé NANGROW 4 HMO
Sandro Stettler – නැවුම් කිරි භාරගැනීමේ විශේෂඥ
මම සැන්ඩ්‍රෝ. මම 2011 වසරේ ඉඳලා නෙස්ලේ ආයතනය සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ වගකීම වෙන්නේ නිෂ්පාදනය සඳහා ලැබෙන නැවුම් කිරි බාරගැනීම සහ ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමයි. එහිදී අපි ප්‍රධාන පරීක්ෂණ තුනක් සිදු කරනවා.
පළමුව, අපි කිරිවල සුවඳ පරීක්ෂා කරනවා. දෙවනුව, එහි අඩංගු විය හැකි විෂබීජ ප්‍රමාණය පරීක්ෂා කරනවා. තුන්වෙනි පියවර විදිහට, එම කිරිවල ප්‍රතිජීවක අඩංගු නැති බව තහවුරු කරගන්නවා.
අපි ලබාගන්නා නැවුම් කිරි මේ පරීක්ෂණ තුනෙන්ම සමත් වුණොත් විතරයි, ඒවා බාරගෙන ගබඩා ටැංකිවලට යොමු කරන්නේ. යම් හෙයකින් එක පරීක්ෂණයක් හරි අසමත් වුණොත්, අපි ඒ කිරි තොගය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
අපේ දරුවන් නිරෝගීව සහ සතුටින් වැඩෙනවා දකින්න මම ගොඩක් කැමතියි. ඒ නිසාම අපේ ගුණාත්මක ප්‍රමිතීන්ට සියයට සියයක්ම ගැළපෙන කිරි විතරක් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරගන්න මම වගබලා ගන්නවා. ප්‍රමිතියෙන් තොර කිසිම දෙයක් අපේ නිෂ්පාදනයට ඇතුළු වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.