මාස 12-18 දරුවන් සඳහා ක්‍රියාකාරකම්

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දණගෑමේ සිට නැඟිටීම සහ ඇවිදීම දක්වා වූ මුල් පියවරයන් පසු කරන ඔබේ සිඟිත්තා ක්‍රමයෙන් ඇතුළු වන්නේ ළදරු වියටයි. අන් කවරදාටත් වඩා ඔවුන් ක්‍රියාශීලී වීම මෙම අවධියේදී සිදු වේ. ඔහු තමන්ගේ පරිකල්පනය, සංචලනය සහ අවකාශය පිළිබඳ අවබෝධය වර්ධනය කරගන්නේ ද මෙම කාල වකවානුව තුළයි. පහත දැක්වෙන ක්‍රියාකාරකම් පහ නිවසේ හෝ නිවසින් පිටත දී අත්හදා බැලීමට උත්සාහ ගන්න.
මාස 12 සහ 18 කාල සීමාව යනු ළදරුවකුගේ වඩාත් ආකර්ෂණීය සමයයි. ඔබේ ළදරුවා ක්‍රීඩා කිරීමේදී පරිකල්පනය මෙහෙය වීමට පෙළඹේ. මේ නිසා ඔහු සමඟ කරන ක්‍රියාකාරකම්වල පරාසය පුළුල් කිරීමට ඔබට අවස්ථාව ඇත. සෙල්ලම් බඩු සහ ඔබ ද කැටුව සෙල්ලම් කිරීමට මෙන්ම ඔහුගේ ප්‍රියතම ක්‍රියාකාරම්වල නැවත නැවත නියැලීමටත් දැන් ඔහු වැඩි කැමැත්තක් දක්වන බව ඔබටම නිරීක්ෂණය වේවි.

img

විනෝදජනක අත්දැකීමක් ලෙස මෙන්ම දරුවා සමඟ බැඳෙන්නටත්, සෞඛ්‍ය සම්පන්න වර්ධනයටත් මෙවැනි ක්‍රීඩාශීලී ක්‍රියාකාරකම් ඉවහල් වේ. ළදරුවන්ගේ ක්‍රියාශීලීත්වය වර්ධනය සඳහා දිනකට පැය කිහිපයක් කළ යුතු මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳ මාර්ගෝපදේශයන් රටවල් කිහිපයකින් හමු වේ. ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් විධිමත් හා අවිධිමත් (නිදහස්) ලෙස වෙන් කළ හැකි අතර විධිමත් ක්‍රියාකාරකම් යනු වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ නීතිරීතිවලට යටත්ව කෙරෙන ක්‍රියාකාරකම් විශේෂයකි.
සාමාන්‍ය ළමා ක්‍රීඩා මෙන්ම විධිමත් කණ්ඩායම් ක්‍රියාකාරකම් ද මීට ඇතුළක් කළ හැකිය. අවිධිමත් ක්‍රියාකාරකම් යනු වැඩිහිටියෙකුගේ අවම මැදිහත් වීම යටතේ ළදරුවාට කැමති පරිදි නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ සැලසීමයි. 
මෙම වයස් සීමාවේදී ක්‍රියාශීලී වීමට දිරිගැන්වීම තුළින් ඔබේ ළදරුවාගේ ශක්තිය සහ චාලක හැකියා වර්ධනය වන අතරම ජීවිත කාලය පුරාම පවතින සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කිරීමට ද හේතු වේ.
1.    අල්ලං සෙල්ලං

img

ඔබේ ළදරුවා හොඳින් දුවපැන ඇවිදීමට පටන් ගත් පසු ආරම්භ කළ හැකි ක්‍රියාකාරකමකි. මේ සඳහා එළිමහනක් වඩාත් සුදුසු වන අතර ක්‍රීඩා කරන ප්‍රදේශය අනතුරුවලින් තොර කාලපයක් බවට සහතික වන්න. ළදරුවා ඔබව ලුහුබැඳීමත්, ඔබ ළදරුවා ලුහුබැඳීමත් මාරුවෙන් මාරුවට කරන්න. ඔහු ඔබව ස්පර්ශ කරන සෑම විටකම ඔහුව වැළඳ ගෙන ජයග්‍රහණයේ සතුට විඳින්නට ඉඩ හරින්න.
‍මෙම අපූරු, ජවසම්පන්න ක්‍රීඩාව ළදරුවාගේ මාංසපේශි වර්ධනයට සහ සංචලනය මෙන්ම අවකාශය පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමට ද උපකාරී වේ.
2.    අස්සයා ගෝන් ටික් ටික් ටික්

img

මේ වයසේ පසුවන දරුවන් වාහන, බයිසිකල්, අශ්වයන් වැනි සෙල්ලම් බඩු පැදීම සඳහා වැඩි කැමැත්තක් දක්වයි. වැඩිහිටි ඔබේ සුපරීක්ෂණය යටතේ එළිමහනේ මෙවැනි ක්‍රියාකාරකමක නියැලෙන්නට ඉඩ සැලසීම ඔහුගේ විනෝදයට හේතුවක් වනු ඇත.
මෙම ක්‍රියාකාරකම තුළින් ළදරුවන් තනිවම තමන්ගේ බලය යොදා යමක් මෙහෙයවීමෙන් විනෝදයක් ලැබීමට වැඩි රුචියක් දක්වයි. එමෙන්ම මෙමඟින් ළදරුවන්ගේ දෙපාවල මාංසපේශි ශක්තිමත් වීම ද සිදු වේ.
3.    බුබුළු සෙල්ලම

img

උද්‍යානයක හෝ ගෙමිදුලක සිදු කළ හැකි හොඳ ක්‍රියාකාරකමකි. සබන් බුබුළු පිඹ ඒවා අතින් ඇල්ලීමට ළදරුවා උනන්දු කරන්න. සෑම ළදරුවෙකුම තමන්ටම ආවේණික වේගයකින් වර්ධනය වේ. මැනවින් දෙපා සමබර කර ඇවිදින වයසේ දරුවන් සමඟ මෙම ක්‍රියාකාරකමෙහි නියැලීම වඩාත් යෝග්‍ය වේ.
අවට දිවීමටත්, ලුහුබැඳීමටත් බුබුළු ඇල්ලීමටත් යොමු වීමෙන් ළදරුවාගේ අත-ඇස සම්බන්ධතාව සහ සමබරතාව ද වර්ධනය වේ. 

4.    බාධක තරණය

img

පුටු කුෂන්, කොට්ට ආදිය සාලයේ හෝ මිදුලේ තැනක කුඩා බාධක කිහිපයක ආකාරයෙන් තබා ළදරුවාට ඒ අතරින් බඩගාමින්, දණගාමින් යාමට සලස්වන්න. ළදරුවාට වැඩි විනෝදයක් ගෙන දෙන මෙම ක්‍රියාකාරකම ඔබේ සුපරීක්ෂණය යටතේ සිදු කරන්න. 
මෙවැනි ක්‍රියාකාරකමක් තුළින් ළදරුවාගේ චාලක හැකියාවන් සහ අවකාශය පිළිබඳ අවබෝධය ඇති කිරීමටත්, ශක්තිය සහ කඩිසර බව ඉහළ නැංවීමටත් හේතු වේ. 

5.    පෙට්ටි සෙල්ලම
img

විශාල ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටි ඇත්නම් ඒවා ළදරුවාට ක්‍රීඩා කිරීමට ලබා දෙන්න. විනෝදය පිණිස සැඟවී සිටීමටත්, වාහනයක් ලෙස අනුකරණය කිරීමට හෝ රොකට්ටුවක්, කුඩා ලෙනක් ලෙස සිතා ඒ තුළට බඩගෑමටත් මේවා යොදාගත හැකිය. වැඩි ආරක්ෂාව සඳහා වැඩිහිටි ඔබගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණක් මෙම ක්‍රියාකාරකම සිදු කරන්න.
පිරිසිදු කාඩ්බෝඩ් පෙට්ටි ළදරුවාට ලබා දෙන්න. ළදරුවාගේ චාලක හැකියාව, අවකාශය පිළිබඳ අවබෝධය සහ සමබරතාව ඉහළ නැංවීමට මෙන්ම ළදරුවාට පරිකල්පනය ඔස්සේ තමන්ගේම ක්‍රීඩාවන් නිර්මාණය සඳහා අනුබල දීමට ද මෙම ක්‍රියාකාරකම ඉවහල් වනු ඇත.


මූලාශ්‍ර
▪    Okely AD, Ghersi D, Hesketh KD, et al. A collaborative approach to adopting/adapting guidelines – The Australian 24hour movement guidelines for the early years (birth to 5 years): an integration of physical activity, sedentary behavior, and sleep. BMC Public Health 2017; 17(Supple 5):869. doi: 10.1186/s12889-017-4867-6. 
▪    Shelov SP & Altmann TR (Eds.). (2009). American Academy of Pediatrics. The complete and authoritative guide Caring for your baby and young child birth to age 5 (5th ed.). USA: Bantam Books. 
▪    Society of Health and Physical Educators (SHAPE). Active start: A statement of physical activity guidelines for children from birth to age 5. 2nd ed. Reston, VA: SHAPE America; 2009. Available at: https://www.shapeamerica.org/standards/guidelines/activestart.aspx (Accessed August 8 2018) 
▪    Tremblay MS, Chaput J, Adamo KB, et al. Canadian 24-hour Movement Guidelines for the Early Years (0-4 years): An integration of physical activity, sedentary behaviour, and sleep. BMC Public Health 2017; 17(Suppl 5):874 doi 10.1186/s12889-017-4859-6. 
▪    https://pathways.org/growth-development/toddler/milestones/ (Accessed August 8 2018) 
▪    https://pathways.org/topics-of-development/play/(Accessed August 8 2018) 
▪    https://pathways.org/watch/parents-guide-structured-vs-unstructured-play/(Accessed August 8 2018) 
▪    https://pathways.org/baby-milestones-calendar/(Accessed August 8 2018) 
▪    https://pathways.org/baby-milestones-calendar/(Accessed August 8 2018) 
▪    https://pathways.org/baby-milestones-calendar/(Accessed August 8 2018) 

Recommended Articles