ළදරු සෞඛ්‍යය සඳහා නින්ද බලපාන්නේ කෙසේද?

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

නිසි පමණට නින්ද නොලැබීම ළදරුවාගේ අමතර කැලරි පරිභෝජනයට හේතුවක් වන බව ඔබ දැන සිටියාද?
ඔබේ සිඟිත්තාගේ සෞඛ්‍ය සම්පන්න වැඩීමට සහ සංවර්ධනයට ප්‍රමාණවත් නින්ද අත්‍යවශ්‍ය සාධකයකි. විශේෂඥයන් නිර්දේශ කරන ආකාරයට ළදරුවකු දිනකට පැය 11-14 අතර ප්‍රමාණයක නින්දක් ලැබීම අත්‍යවශ්‍ය වේ. නිසි පමණට නින්ද නොලබන ළදරුවන් සෞඛ්‍ය සම්පන්න නොවන අයුරින් බර වැඩි වීමේ අවදානමකට මුහුණ දෙන බව විද්‍යාඥයන් සනාථ කර ඇති බව කීවොත් ඔබ නිසැකවම පුදුම වනු ඇත.

img

පර්යේෂණයකින් හෙළි වී ඇති ආකාරයට රාත්‍රියේ කෙටි නින්දක් ලබන මාස 16 ළදරුවන් මාස 5ක‌ට පසු වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට යොමු වී ඇත. බොහෝ විට මධ්‍යම රාත්‍රියට පෙර ගන්නා කිරි පානයන් නිසා මෙසේ අමතර කැලරි ලැබෙන බව පෙනී ගොස් ඇත. සාමාන්‍යයෙන්, පැය 10කට වඩා අඩුවෙන් නිදා ගන්නා කුඩා දරුවන්, පැය 13කට වඩා නිදා ගන්නා දරුවන්ට සාපේක්ෂව හතර ගුණයක පමණ අමතර කැලරි ප්‍රමාණයක් ලබා ගනී.
දරුවාගේ නින්ද අධ්‍යයනය කරන්න
දරුවන්ගේ කෙටි නින්ද සහ තරබාරුකම අතර සම්බන්ධතාවක් තිබේද යන්න විමසා බැලීම කෙරෙහි පර්යේෂකයන්ගේ දැඩි අවධානයක් යොමු වී තිබේ. පහතින් දැක්වෙන්නේ ඒ ඔස්සේ ඉදිරිපත් වූ මත කිහිපයකි.
කැලරි ප්‍රමාණය ඉහළ යාමට හේතු

  • ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වල නියැලීම අවම වීම
  • ඉලෙක්ට්‍රොනික උපාංග වැඩි වශයෙන් පරිහරණය කිරීම
  • කුසගින්න සහ කුස පිරීම හා සම්බන්ධ හෝමෝන වෙනස් වීම
  • සෞඛ්‍යසම්පන්න නොවන ආහාර පුරුදු 

මෙම අධ්‍යයනයන්ගෙන් දැනට ලැබී ඇති නිගමන බොහෝමයක් වැඩිහිටියන්ට සීමා වන අතර දරුවන් සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. නමුත්, අඩු නින්දක් ලබන වැඩිහිටියන් ක්‍රියාශීලීත්වයෙන් අවම වීම සිදුවන ආකාරයටම ළදරුවන්ට ද එය බලපෑ හැකි බව විද්‍යාත්මකව පෙන්වා දිය හැකිය.
පර්යේෂණ මඟින් පෙන්වා දී ඇති ආකාරයට අඩු නින්ද වැඩිහිටියන්ගේ හෝමෝනවල වෙනස්කම් සඳහා බලපානු ලබයි. පර්යේෂණය සඳහා සහභාගී වූවන්ගේ නින්ද පාලනය කළ විට, ඔවුන්ගේ ශරීරයේ ලෙප්ටින් (කුස පිරුණු බව දැනෙන හෝමෝනයක්) අවම වූ අතර, ග්‍රෙලින් (ආහාර රුචිය වඩවන හෝමෝනයක්) ඉහළ යාමක් සිදුවන බව නිරීක්ෂණය විය. මෙය වැඩිහිටියන් සම්බන්ධයෙන් තහවුරු වූ සත්‍යයක් වන අතර දරුවන් කෙරෙහි ද මෙහි බලපෑමක් ඇද්ද යන්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතින කරුණකි.
දෙමාපියන් වශයෙන් දරුවන්ගේ නින්ද, ක්‍රියාකාරකම්වල නියැලීමේ ප්‍රමාණය සහ බර ආදී කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ඔබේ දරුවා රාත්‍රී කාලයේ සුව නින්දක් ලැබීම ඔහුගේ සෞඛ්‍යයට මෙන්ම අනාගතයට ද බලපාන කරුණක් බව දෙමාපියන් සිහියේ තබා ගත යුතුය.

මූලාශ්‍ර
▪    Felso R, Lohner S, Hollody K, et al. Relationship between sleep duration and childhood obesity: Systematic review including the potential underlying mechanisms. Nutr Metab Cardiovasc Dis 2017; 27(9):751-61. 
▪    Fisher A, McDonald L, van Jaarsveld CHM, et al. Sleep and energy intake in early childhood. Int J Obesity 2014; 38(7):926- 9. 
▪    Hirshkowitz M, Whiton K, Albert SM, et al. National Sleep Foundation’s sleep time duration recommendations: methodology and results summary. Sleep Health 2015; 1(1):40-43. 
▪    McDonald L, Wardle J, Llewellyn CH, et al. Sleep and night-time energy consumption in early childhood: a population-based cohort study. Pediatr Obes 2015; 10(6):454-60. 

Recommended Articles