සතුට ගෙනෙන වැසිකිළි පුහුණුව

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

පළමුව ඔබේ අහිංසක දරුවාට තව දුරටත් ඩයපර්ස් භාවිත කළ නොහැක්කේ මන්දැයි අවබෝධ කරගත නොහැකිය. ඒ නිසා ඔවුන් අනුගමනය කිරීමට කැමති විනෝදකාමී ක්‍රියාවලියක් තුළින් ළමා වැසිකිළිය භාවිත කිරීමට පුහුණු කළ යුතුය.

පියවර 1 -වර්ණ කඩදාසි හෝ කාඩ්බෝඩ් මත ඔබේ දරුවාගේ අඩි සළකුණ අඳින්න.
පියවර 2 - අඩි සළකුණ කපා ඒවා වර්ණ ගන්වා ඊට අලංකාර බවක් එක් කිරීමට ඔබේ දරුවාගෙන් සහාය ඉල්ලා සිටින්න.
පියවර 3 -නාන කාමරයේ ඔබේ දරුවාගේ කුඩා වැසිකිළිය තබන ස්ථානය දක්වා අඩි සළකුණු තැබීමට දරුවාගේ උදව් ඉල්ලා සිටින්න.
පියවර 4 - විනෝදය පිණිස ඔබේ දරුවාට එම මඟ දිගේ යාමට ඉල්ලා සිටින්න. දැන් ඔබේ දරුවා නාන කාමරයට යන මාර්ගය දන්නා බැවින් ඔවුන්ට වැසිකිළි යාමට අවශ්‍ය වූ විට ඔබට පැවසීමට හෝ ඔබගෙන් ඇසීමට කිසිඳු ගැටලුවක් නැත.

Recommended Articles