Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

Online පාසැල් : ඔබේ දරුවාට ලෝකය දකින්න අලුත් කවුළුවක්

Dinusha Manjarie Wickremesekera

 

අවුරුදු 3 සම්පූර්ණ වුනාට පස්සෙ දරුවා මොන්ටිසෝරි අධ්‍යාපනයට සූදානම්. මේ තමයි දරුවා පැය කීපයක් නිවසින් පිට ඉන්න මුල්ම අවස්ථාව. පාසැල් අධ්‍යාපනයට ඇතුළත් වීමත් එක්ක මේ කාලය තවත් වැඩි වෙනවා. දරුවාගේ ඒ සම්පූර්ණ කාලයම ගෙවෙන්නෙ ගුරුවරු සහ සම වයස් පිරිස් සමඟයි. දරුවා මිත්‍ර සබඳතා ඇති කරගන්නවා, කියවීම, ලිවීම, ගණිතය ඉගෙන ගන්නවා. අනිත් අයත් එක්ක දුව පැන සෙල්ලම් කරනවා. දරුවාගේ පාසැල් අධ්‍යාපනය කියන්නේ මේ සියල්ලටයි.

ලොක්ඩවුන් කාලසීමාවන්වල මේ සියල්ල වෙනස් වුනා. හැමෝම ගෙවල්වලට වෙලා ඔන්ලයින් ක්‍රමයට පාසැල් කටයුතුවල නියැළුණා. දරුවා පිළිබඳ අධීක්ෂණය කිරීමේ වගකීම ඔබට පැවරුණා. සම වයස් මිතුරු ආශ්‍රයක් නැති නිසා ඔවුන් බොහෝ විට කාලය ගෙව්වේ තනිවම. පන්තියේ මිතුරන් එකිනෙකා ගැන විමසිලිමත් වූ හැටි ඔබටත් මතක ඇති. 

ලොක්ඩවුන් ඇරඹෙන්න කලින් ඔන්ලයින් ක්‍රම ගැන අපි දැන හිටියේ වෙනස් විදියට. කායික දුරස් වුනත් අපි ඔන්ලයින් හරහා නිතරම සම්බන්ධ වෙලා හිටියා. මේ නිසා දරුවන් නිතරම ආරක්ෂිතව අවදානයෙන් යුතුව පසුවුණා.

growingupඅධ්‍යාපනය ගැන කතා කරන විට කරුණු කිහිපයක් ඔබ සිහියේ තබා ගත යුතුයි. මනෝවිද්‍යාඥයන් විසින් සඳහන් කරන ආකාරයට කියවීමෙන් ඉගෙනීම අධ්‍යාපනයේදී ඉතා වැදගත්. මේ සඳහා හොඳ සූදානමක් ඇති කරගත යුතුයි. ඉගෙනීම ආරම්භ කළ හැකි වන්නේ මේ ආකාරයේ සූදානමක් ඇති කරගත් පසුවයි. ඉගෙනීමේ සූදානම යනු අසීරුවෙන් වුනත් කායිකව, චිත්තවේගීයව සහ මානසිකව අලුත් දේවල් සමඟ වැඩ කිරීමට, තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමට සූදානමක් අප තුළ ඇති කරගැනීමයි.  ඉගෙනීමට සූදානමක් ඇති කරගැනීම යන්නෙන් අදහස් වන තවත් කරුණක් වන්නේ අප කරන දේවල් ඉගෙනීමට අප තුළ උනන්දුවක් ඇති බවයි. මනෝවිද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට අප පීඩනයෙන් තොරව සන්සුන්ව සිටින විට අපගේ සූදානම වැඩි වෙනවා.

ඉගෙනීම සඳහා බලපාන අනෙක් වැදගත්ම කාරණය වන්නේ උත්තේජනයයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර පරිණතභාවය, සංවර්ධන අවධිය (කායික, සංජානන හා චිත්තවේග) යන සාධක අනුව එය තීරණය වෙනවා. දරුවන්ට අවශ්‍ය උත්තේජනය ලබා දීම සම්බන්ධයෙන් අපි ගුරුවරුන් කෙරෙහි විශ්වාසය තබන අතර ගුරුවරුන් භෞතික පරිසරයක් තුළ එම කාර්යය ඉටු කරනු ලබනවා.

අනෙක් වැදගත්ම දෙය නම් අන්තර්ගතය පිළිබඳ අවබෝධය සහ කුසලතා ඉගෙනීමයි. මේ සඳහා දරුවන්ට මඟ පෙන්වන ප්‍රධාන චරිතය වෙන්නේ පාසල් ගුරුවරයායි.

ඔන්ලයින් පාසැල් ලෙස හැඳින්වෙන අලුත් අධ්‍යාපන ක්‍රමය වර්ධනය වෙන අතරේ ගුරුවරු සහ දරුවන් ද ඊට අනුගත වෙමින් සිටිනවා. වෙනසකට තිබෙන්නේ දරුවා නිවසේ පරිසරයෙන් වෙනස් අවකාශයක් තුළ හිඳිමින් ඊට සම්බන්ධ වීමයි. මේ වන විට වසරකට වැඩි කාලයක් ගෙවී ඇති නිසා මේ ක්‍රමය තව දුරටත් ප්‍රයෝජනවත් නැති බව ඔබ සිතනවා වන්නට පුළුවන්. නමුත් දරුවා මේ පිළිබඳ අවදානය යොමු කිරීමේ යම් අඩුවක් ඇති බව වැටහී යනවා නම් ඔවුන් පාසැලේ සිටින බව ඔහුට/ඇයට දැනෙන පරිසරයක් නිර්මාණය කර දීම ප්‍රයෝජනවත් වන්නට පුළුවන්. මේ සඳහා විශේෂිත ස්ථානයක් සකසා දිය නොහැකි නම් පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින්නට දරුවාට උපදෙස් දෙන්න.

කුඩා ළමුන් සඳහා, අමතර අවදානයක් යෙදීම අවශ්‍යයි. අධීක්‍ෂණය කිරීමේදී දරුවාටද ස්වාධීනත්වයක් ඇති බවට වග බලා ගැනීම වැදගත්. නමුත් මේ සඳහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ අවශ්‍ය විටෙක පමණක් නිරීක්ෂණය කරමින් අවශ්‍ය විටෙක නිදහස දෙමින්, අවශ්‍ය විටෙක උපදෙස් දෙමින් දරුවාට තම ශක්තිය උරගා බැලීමට උපකාර කිරීමයි.

මෙය පහසු කටයුත්තක් නොවනවා වගේම මේ සඳහා හරි හෝ වැරදි ක්‍රමයකුත් නැහැ. ඔබේ දරුවාට දිය හැකි වැදගත්ම දෙය නම් ඔබේ ඉවසීමයි. ඔබට ඔබටම දිය හැකි වැදගත්ම දෙය කරුණාවයි - ඔබ හොඳ මාපියෙකු වීමට උත්සහ කරන තරමට ඔබට ඔබේ කොටස වඩාත් නිවැරදිව ඉටු කළ හැකි වෙනවා.

දරුවා සමඟ සෙල්ලම් කරන්න. දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. ඉගෙනීම සහ ක්‍රීඩා කිරීම එකිනෙකෙහි අනුපූරක වන නිසා මේ අතර මනා සමතුලිතතාවයක් පැවතිය යුතු බව ඔබටම පෙනී යනු ඇත.

මෙම කාලය ගෙවී අවසන්ව ළමයින් නැවත සාමාන්‍ය විදියට පාසලට යන දවසක් පැමිණේවි. නමුත් ඔබේ ආශීර්වාදයත් ඔහුට වැදගත් බව නිතර සිතන්න - මෙය ඔබේ දරුවාගේ ඉගෙනුම් විලාසය, ඔහු/ඇය ලෝකය දෙස බලන ආකාරය ඔබටම දැන ගැනීමට ලැබෙන අවස්ථාවක්. එය දරුවා සමඟ අලුත් ආකාරයක සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ද හේතුවක් වනු නොඅනුමානයි.

ඉඟිය: මෙම කාලය තුළ ඔබේ දරුවා දැන ගැනීමට ඔබට ඉඩකඩ සැලසේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. එය රස විඳින්න.

Recommended Articles