Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

මාපියන්ගේ යහපැවැත්මේ වැදගත්කම

Dinusha Manjarie Wickremesekera

මාපියන්ගේ යහපැවැත්ම ගැන කතා කිරීමට පෙර යහපැවැත්ම යනු කුමක්ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීම වැදගත්. ගුණාත්මක ජීවිතය වර්ණාවලියක් ලෙස සැලකුව හොත් යහපැවැත්ම යනු එහි අඩංගු සතුට, සුවපහසුව සහ තෘප්තිමත් භාවය යන සියල්ලේ සංකලනයයි. යහපැවැත්මට කායික, මානසික, චිත්තවේග හා සාමාජීය කාරණාවන් ද ඇතුළත් වෙනවා. යහපැවැත්ම මැනවින් පවත්වා ගත යුතු ආකාරය ගැන විද්වත් අදහස් රාශියක් පළ වී තිබෙනු දකින්නට පුළුවන්. ලොව ප්‍රමුඛ පෙළේ මානසික උපදේශකයෙකු සහ පුහුණුකරුවකු වන රිචඩ් ඩේවිඩ්සන් දක්වන ආකාරයට යහපැවැත්මේ මූලිකාංග හතරකි. එනම්, දැනුවත්භාවය, සම්බන්ධතාවය, විචාරශීලීත්වය සහ අරමුණු යි. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් සිදු කළ එක්තරා වැදගත් පර්යේෂණයකින් මේ සඳහා සාධක 5ක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට අනුව යහපැවැත්ම යනු, අනෙක් අය සමඟ ඇති සම්බන්ධතාව, ක්‍රියාශීලීව සිටීම, අලුත් කුසලතා ඉගෙන ගැනීම, පරිත්‍යාශීලීත්වය සහ මානසික සන්සුන් බව යන සාධක 5යි. මේ මත දෙකම සැලකිල්ලට ගෙන යහපැවැත්මේ කොටස් මෙසේ නම් කරන්නට පුළුවන්. ඒ අනුව, අරමුණක් පිළිබඳ ඇති අවබෝධය, පරිත්‍යාගශීලීත්වය (මිල මුදල් සහ කාලය), කෘතඥතාව, සෙසු අය සමඟ ඇති සම්බන්ධතාව සහ වැදගත් කුසලතා ඉගෙන ගැනීමේ ඇති උනන්දුව යන සියල්ලම යහපැවැත්මේ කොටස් ලෙස නම් කළ හැකියි. තනි පුද්ගලයන් ලෙස යහපැවැත්ම ළඟා කරගැනීම සඳහා ඉහත පුරුදු ජීවිතයට ඇති කරගැනීම අත්‍යවශ්‍යයි.

growingup

ඔබ දරුවා සමඟ ඇති කරගන්නා බැඳීම ඔබේ ජීවිතයේ ඇති වැදගත්ම සම්බන්ධය වනවාට කිසිම සැකයක් නැහැ. දරුවාගේ/දරුවන්ගේ ස්වභාවය අනුව ඇතිදැඩි කිරීම තරමක් දුෂ්කර කටයුත්තක් වන්නට පුළුවන්. මාපිය යහපැවැත්මට බලපාන තවත් සාධකයක් වන්නේ දරුවන් හැකියාවන්ගෙන්, කුසලතාවන්ගෙන් හා හැදියාවෙන් යුතු දරුවෙකු හදාවඩා ගැනීමට දෙමාපියන් තුළ ඇති විශ්වාසයයි. අපි ඔබට Growingup.lk Facebook පිටුවට එක් වෙන්නට ආරාධනා කරන්නේ එමඟින් ඔබේ මාපියභාවය දියුණු කරගැනීමට අත්‍යවශ්‍ය උපායමාර්ග ගැන නිරන්තරයෙන් අපි ඔබව දැනුවත් කරන නිසයි. මාපියභාවයේ යහපැවැත්ම පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් මේ ලිපිය මඟින් ඔබ හා බෙදා ගැනීමට අප අපේක්ෂා කරනවා.

පහත ප්‍රශ්න පරික්ෂා කරන්න:

ඔබේ මාපියභාවය පිළිබඳ ඔබ කොපමණ තෘප්තිමත්ද?

ඔබේ මාපියභාවය පිළිබඳ ඔබ තෘප්තිමත්වන තරමට ඔබට සතුටු වීමට පුළුවන්.

ඔබට ලැබෙන සහයෝගය මොන වගේද?

ඔබට හොඳ සහයක් ලැබෙනව නම් ඔබ වඩාත් තෘප්තිමත්.

මනෝවිද්‍යාඥයන් සහ ස්නායු විද්‍යාඥයන්, යහපැවැත්ම හඳුන්වන්නේ කාලයක් තිස්සේ පුහුණු කළ හැකියාවන් සමූහයක් විදියට. ඔබේ යහපැවැත්ම වෙනුවෙන් ඔබ පුරුදු පුහුණු කිරීමට කැමති දේ මොනවද?

  1. එකිනෙකාට සහය දීමට ක්‍රමයක් සකස් කරගන්න. දරුවාගේ හැසිරීමට බලපාන අභ්‍යන්තර සහ බාහිර කාරණා ගණනාවක් තියෙන්නට පුළුවන් වුනත් බොහෝ විට දරුවන්ගේ හැසිරීම මත දෙමාපියන්ගේ ස්වභාවය මැන බලන පුරුද්දක් සමාජයේ තිබෙනවා. මේ නිසා ඔබේ සහය දීමේ ක්‍රමය වඩාත් විධිමත්ව සිදු කරන්න. දෙමාපියන් විදියට ඔබ දෙදෙනාගේ තීරණවලට එකිනෙකා සහය පළ කරගැනීම ඉතා වැදගත්.
  2. ඔබත් ඔහු‌ට/ඇයට උපරිම සහයෝගය ලබා දෙන්න
  3. හැසිරීම් පිළිබඳ ගැටලු විසඳා ගැනීමට මාපියභාවය පිළිබඳ උපායමාර්ග යොදාගන්න
  4. පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගැනීම සහ විනය ගැන නිතර සැලකිලිමත් වීම මඟින් හැකිතාක් දඬුවම්වල ස්වභාවය අවම කරගැනීමට හැකියාව ලැබෙනවා
  5. නිතරම ධනාත්මක දේ කෙරෙහි පමණක් අවදානය යොමු කරන්න. අපේ මනස ඇතැම් වෙලාවට ඍණාත්මක දේ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන නිසා ඇතැම් ඍණාත්මක දේවල් කෙරෙහි පවා අපට ධනාත්මක විදියට සිතන්නට සිදු වෙනවා. ධනාත්මකව සිතීමට ඔබ පහසුම ක්‍රමය වන්නේ කෘතඥතාවය පුහුණු කර ගැනීමයි. පුංචි පුංචි ධනාත්මක දේවල් වුනත් නිතර නිතර අගය කරන්නට පුහුණු වුනොත් ඔබට අවසානයේ ඍණාත්මක ආකල්ප පහසුවෙන් ජයගන්නට හැකි වන බව නම් සහතිකයි.
  6. සතුටින් විනෝදයෙන් ඉන්න. දරුවන් සමඟ සෙල්ලම් කරන්න, යහළුවන් ඇසුරු කරන්න, ඔබේ සහකරු/සහකාරිය එක්ක වැදගත් යමක් ආරම්භ කරන්න. සතුටුදායක මතක සටහන් වැඩි වැඩියෙන් ජීවිතයට එකතු කරගන්න. අරමුණක් ඇතිව ජීවත් වෙන්න.

යහපැවැත්ම ඇති කරගත යුත්තේ ඔබ විසින්මයි. ඔබට ගැළපෙන දේවල් හඳුනාගන්න. ආතතිය දුරු කරන පුරුදු ඇති කරගන්න. ජීවිතයේ නිතරම ඉහළ පහළ යාම් ඇති බව සිතන්න. ආයෝජනයක් ආරම්භ කර විධිමත්ව පවත්වාගෙන යන්න. පවතින තත්ත්වය තුළ ඔබ උපරිමයෙන් ඔබේ කොටස ඉටු කරනවා නම් ඒ ගැන ලැජ්ජා විය යුතු නැහැ.

 

උපදෙසක්

දරුවාගේ හැසිරීම්වලට බලපාන හැකියා, කුසලතා සහ සම්පත් ඔහුට ලැබෙන්නේ දෙමාපියන් වූ ඔබෙනුයි. මාපියභාවයේ යහපැවැත්මට එය ඉතා තදින් බලපාන කාරණයක්. මාපියභාවය වැඩි දියුණු කළ හැකි උපායමාර්ග අත්හදා බලමින් පවුලේ යහපැවැත්ම වැඩි කරගන්න. ඔබ ඔබටම කාරුණික වන්න. ඔබට හැකි උපරිමය ඔබ ඉටු කරන බවට සහතික වෙන්න.

Recommended Articles