Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දෙමාපියන්ගේ උපකරණ කට්ටලය

Dinusha Manjarie Wickremesekera

දරුවන් හැදීම සම්බන්ධයෙන් නිශ්චිත අත්පොතක් නැහැ. නමුත් මේ පිළිබඳ ලියැවුණු පොත්පත්වල ඇති ඇතැම් කරුණු මතකයේ තබා ගැනීම ඔබට ප්‍රයෝජනවත් වන්නට පුළුවන්.

  1. පොතේ ඇති කරුණු ඉතා ප්‍රයෝජනවත් වුවත් ඔබට සිද්ධ වන්නේ ඔබේ දරුවාට ගැළපෙන විදියට ඒ අදහස් වෙනස් කරගන්නටයි. මන්ද,
  2. සෑම දරුවෙකුම වැඩෙන්නේ ඔවුන්ටම ආවේණික ජීවවිද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක මට්ටම් අනුවයි. දරුවන් ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නා විට සහ ඔවුන්ට ලැබෙන ප්‍රතිචාර අවබෝධ කරගන්නා විට සමාජ අන්තර් ක්‍රියාවන් සහ අත්දැකීම් පිළිබඳ ඇති අදහස ක්‍රමයෙන් වෙනස් කරගන්නවා.

දෙමාපියන් විදියට ඔබටත් මේ ගැටලුව ඇති. ඔබට ඔබේම අදහස් සහ වටිනාකම් තිබෙනවා වෙන්නට පුළුවන්. අලුත් අදහස් පැමිණීමත් සමඟ කලින් අදහස් වෙනස් වීම සිදු වෙන්නේ ඉ‌බේමයි. එවිට ඔබ ඔබට වඩාත් ගැලපෙන ප්‍රවේශය ගැන ස්වයං තක්සේරුවක් සිදු කර බලනවා. දෙමාපියන්ට ගරු කිරීමත් එවැනි ප්‍රබල කරුණක්. 

growingup

කුඩා අවධියේදී, අප ළමුන්ගේ පෞරුෂය දෙස බලන්නේ ඔවුන්ගේ සීමිත ප්‍රකාශන පරාසයට සාපේක්ෂවයි. දරුවන් වයසින් වැඩෙන විට ශාරීරික, සංජානන සහ සමාජීය වශයෙන් වර්ධනය වීම සිදු වෙනවා. දරුවාගේ අන්තර්ක්‍රියා මට්ටම වැඩි වන විට ඔහුගේ/ඇයගේ පෞරුෂය වඩාත් පැහැදිලිව පිටතට පෙනෙන්නට පටන් ගන්නවා. වෙනස් වීම නියත සාධකයක් බව මතක තබා ගන්න. දරුවා හැසිරෙන ආකාරය සහ සිතන ආකාරය තේරුම් ගැනීමට දෙමාපියන්ට උපකාර කිරීම අපේ අරමුණයි. 

මාපියන්ගේ ස්වභාවය අනුව හඳුනාගත හැකි ප්‍රවේශයන් ගණනාවක් තිබෙනවා - මනා සිහිකල්පනාව ඇති දෙමාපියන්, ප්‍රමාණවත් තරම් හොඳ මාපියන්, අධිකාරිවාදී මාපියන්, මධ්‍යස්ථ මාපියන් සහ අක්‍රීය මාපියන් ඒ අතරින් සමහරක්. මේ සෑම වර්ගයක් සඳහාම සුවිශේෂී ශිල්පීය ක්‍රම තිබෙන අතර ඒවා දෙමාපියන්ට තමන්ගේ පුද්ගලික මාපිය මෙවලම් කට්ටලයකට එකතු කරගන්නට පුළුවන්.

අධිකාරිවාදී මාපියන් පැහැදිලි නීති මාලාවක් යටතේ කටයුතු කරන බව දකින්ට පුළුවන්. මෙයින් අදහස් වන්නේ ඔවුන් දරුවන් සමඟ හොඳ සම්බන්ධතාවක් (ඇහුන්කම් දීම සහ කතා කිරීම) ඇති කරගෙන තිබෙන බවයි. මෙයත් ඔබේ මෙවලම් කට්ටලයේ අනිවාර්යෙන් තිබිය යුතු අංගයක්. දරුවන් ගෞරවාන්විතව සහයෝගයෙන් වැ‌ඩෙන අතර විශේෂ වශයෙන් සැලකිලිමත් විය යුත්තේ සම වයස් කෙනෙකුගේ පීඩනයකට දරුවා මුහුණ දෙනවාද යන්න පිළිබඳවයි.

අධිකාරීවාදී මාපියන් වඩාත් නම්‍යශීලී වන අතර දරුවන්ගේ ගැටලු හමුවේ වඩාත් සන්සුන්ව සිටියි. ඔවුන් ඉලක්ක කරා ගෙන යා හැකි විසඳුම් ගැන කතා කරයි. නිදසුනක් වශයෙන්, දරුවා එළවළු අනුභව කිරීමට කැමති නම් ඒ වෙනස තේරුම් ගැනීමට මෙම දෙමාපියන් කාලය ගත කරයි. වැඩි අවධානයක්, සන්සුන් බවක් තිබීමෙන් දෙමාපියන් සහ දරුවා අතර ඇති බැඳීම ඉතා සුරක්ෂිත එකක් කරගන්නට පුළුවන්. කුඩා කල සිටම ඔබ හා දරුවා අතර මනා බැඳීමක් පවත්වා ගැනීමෙන් ඔහු/ඇය වැඩිහිටියෙකු ලෙස ඔබේ දරුවාට හොඳ සබඳතාවක් වෙත හොඳින් මුහුණ දීමේ හැකියාවක් ලැබෙනවා.

laissez-faire හෝ permissive මොඩලයේ මාපියන් දරුවන්ට ගවේෂණය සඳහා වැඩි අවකාශයක් ලබා දෙන අතර ක්‍රියාව තුළින් ඉගෙන ගැනීමටත් ඉඩ සලසනවා. මෙහි ඇති වැදගත්ම කරුණ නම්, දරුවන් ආත්ම විශ්වාසයකින් හා හොඳ ආත්ම අභිමානයකින් යුතුව කටයුතු කිරීමට පටන් ගැනීමයි. අවදානම් ගැනීම ජීවිතයක අත්‍යවශ්‍ය දෙයක් බව ඔහු/ඇය ක්‍රමයෙන් තේරුම් ගන්නවා.

ඇතැම් මාපියන් දරුවන්ගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වන්නේ නැහැ. මෙම මාපියන් නිතරම සැහැල්ලුවෙන් සිටීමට සහ දෙමාපියන් වීමේ සතුට විඳීමට උත්සාහ කරන පිරිසක්. මේ දෙමාපියන්ගෙන් දරුවන් ඉගෙන ගන්න දෙයක් තමයි ‘හොඳම අය නොවුනට කමක් නැහැ’ කියන පණිවුඩය. හොඳ අවධානයකින් පසුවන දෙමාපියන් දරුවන්ගේ හැඟීම් තේරුම් ගැනීමත් ඒවාට සුහද ප්‍රතිචාර දැක්වීමටත් සිදු කරනවා.

මේ මාපිය ලක්ෂණවල යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. නමුත් ඔබ රාමුවකට කොටු විය යුතු නැහැ. ඔබට කළ හැකි හොඳම දේ තමයි ඔබේ දරුවා සමඟ හොඳ සන්නිවේදනයක් ගොඩනඟා ගැනීම. සවන් දෙන්න වගේම හැඟීම් ප්‍රකාශ කරන්නත්. ඔබේ දරුවාට අවශ්‍ය හොඳම දේ ළඟා කර දෙන්න ඔබට අවශ්‍ය ආම්පන්න පරිස්සමින් තෝරාගන්න. 

ඉඟිය : දෙමාපියන් විදියට දරුවාගේ ආරක්ෂකයා, වැළඳගන්නා කෙනා, තරවටු කරන්නා, ආදරය බෙදන්නා... ආදී බොහෝ භූමිකාවන්ට පණ දෙන්නට ඔබට සිදු වෙනවා. දෙමාපියන්ගෙ පැත්තෙනුත් එහෙමයි. මාපියභාවය පිළිබඳ ඔබේම සුදුසු ක්‍රමවේද නිර්මාණය කරගන්න. දරුවා වයසින් වැඩෙන විට අත්දැකීම් සමඟ ඔබේ උපක්‍රම වැඩි‌ දියුණු කරගනිමින් යහපත් වැඩිහිටියෙකු වීමට ඔබටත් අවස්ථාව ලැබෙනවා. 

Recommended Articles